සිතුවිල්ලක නවාතැන

Monday, June 28, 2010

ඔබගෙම වන්නට ආසයි...


මලක දැවටි සුවඳක් සේ
සුළඟ ‍රැදි සිසිලසක් සේ
ස‍ඳෙන් ගලන එළියක් සේ
ඔබ ලඟ ඉන්නට ආසයි

නෙතට උරුම කඳුළැලි සේ
මුවඟ නැගෙන හස‍රැලි සේ
සිතෙහි ‍රැදෙන ගීතයක් සේ
ඔබගෙම වන්නට ආසයි

අඳුරු ‍රැයෙන් පසු උදෑසනක් සේ
ගිම්හානෙන් පසු වස්සානය සේ
අමාවකින් පසු පසළොස්වක සේ
ලඟින් ඉන්නම් සෙවණැල්ල සේ

9 comments:

  1. සිතුවිල්ලක් වී.....
    නුඹෙ සිතට වැදී.....
    පවනැල්ලක් වී
    නුඹ ගත දැවටී......
    සෙවනැල්ලක් සේ.....
    ඔබ ලඟම රැඳී.......
    ඉන්නම් සැමදා
    ඔය නෙතු ලඟ නැවතී..

    ReplyDelete
  2. "ඔබ ලඟ ඉන්නට ආසයි" ලස්සනයි මේ පද ටික...

    ReplyDelete
  3. @පසන් අයියා
    මොකද ඔයා මුකුත් කියන්නැත්තේ?ඇයි කවිය හොඳ නැද්ද? :j


    @Shadow/හේමලයා
    බොහොම ස්තූතියි....හරිම ලස්සන පද ටික :t



    @සෝරෝ
    ම්ම්ම්ම් මාත් ආසයි ඒ පද පේළියට....බොහොම ස්තූතියි අදහස් කිවුවට... :c

    ReplyDelete
  4. පවසන්නට හිතේ ඇතිපෙම
    අසා උන්න නන් නුඹ
    කෙලෙස නම්
    උපමා යොදන්නද
    මහමෙරක් මෙන්
    මගේ පෙමකට.....

    හික්ස්.. ලස්සනයි .. ලස්නයි.. ඔයාගෙ කවිය...

    ReplyDelete
  5. @කුශාන්
    හොඳනම් දන්නෑ...ඒත් ලියනවා..ස්තූතියි මේ පැත්තට ආවට:c


    @පසන් අයියා
    කවිය ලස්සනයි....ස්තූතියි:t

    ReplyDelete
  6. බොහොම ස්තූතියි ගීත් අයියා :c

    ReplyDelete