සිතුවිල්ලක නවාතැන

Monday, June 14, 2010

රිදුනිනම් ඔබේ සිත කුමට මා කවි ලියා.......


පන්හිඳත් පත්ඉරුත්
ඉකිබිඳියි තනිවෙලා
පෙර දිනේ කවි ලීව
මගෙ සිතත් ගොළුවෙලා
පෙර ලෙසින් ඉපදුනත්
වදන් වැල් ගොනු වෙලා
සිත තුලම මිය ඇදෙයි
පත්ඉරුව වෙත නොයා.....

පෙර දිනේ මා ලීව
වදන් වැල් කියවලා
රිදුනිනම් ඔබේ සිත
කුමට මා කවි ලියා
ඉපිද එන වදන් වැල්
සිත තුලම මියදිලා
ගියාදෙන් හිදීනම්
නිබඳ ඔබ හිනහිලා......

4 comments:

  1. ලස්සනයි... ලස්සනට ලියල තියනවා

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔයාට......

    ReplyDelete
  3. බොහොම ස්තුතියි

    ReplyDelete