සිතුවිල්ලක නවාතැන

Friday, June 18, 2010

මගේ ලොව තුල පායනා හිරු...



විසල් තුරුවල සෙවණ ලබමින්
දෙඩු ආදර වදන් කොයිබද?
සිසිල් සුළගේ පහස ලබමින්

මට දැණුනු ඔබේ සුවඳ කොතැනද?
මගෙ සවන් තුල නිතර ‍රැවුදුන්
ඔබේ හඬ කොපමණ ඈතද?
ඔබේ රසවත් අමා පහසින්
පිබිදෙන්න මට නැවත නොහැකිද?
ඔබේ සිතුවිලි මතක අතරේ
නිතර මගෙ රුව සැරි සරනවද?
එදා ගතකල සොඳුරු දිනයන්
ඔබේ මතකයේ තව තියෙනවද?
සසර ඉම තෙක් මම ඔබේ බව
කියු එවදන් ඔබට මතකද?
එද අද හෙට මගේ ලොව තුල
පායනා හිරු ඔබ නොවන්නෙද?

2 comments:

  1. මතකය කෙතරම්
    සොඳුරුද?........
    අනාගතය මෙතරම්
    අඳුරුද?...
    කඳුලැලි කෙතරම්
    නපුරුද?.........
    ප්‍රේමය උඹ මට
    සතුරුද?......

    ReplyDelete