සිතුවිල්ලක නවාතැන

Saturday, June 19, 2010

තරාදිය...


වෙනදා තිබුණ සුන්දර පරිසරය අද ගෙදර නෑ.සේරම වෙනස් වෙලා.අම්මා තාත්තාට call කලා
"පොඩි හදිසියක් ඉක්මණට එන්න "
මේ වෙනකොට තාත්තාත් මේ ගැන ටිකක් දැනගෙන හිටියේ.ඒත් හරියටම දන්නැති නිසා මගෙන් කෙලින්ම ඇහුවේ නෑ.ඒත් එදා තාත්තා ගෙදර එනකොට අම්මයි අච්චියි දොර ලඟට වෙලා පාර බලාගෙන හිටියා.තාත්තා දොරෙන් ඇතුලට එන්නත් කලින් අම්මගෙන් ඇහුවේ "දුව නෑ?" කියලා.මට එවෙලේ ඇති වුණ දුක මොනතරම්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ.තාත්තා කෙනෙක් කොහොමද තමන්ගේ ළමයා මොන වගේ කෙනෙක්ද කියලා දන්නැත්තේ?අම්මා තාත්තාට විස්තරය කිවුවා.තාත්තා වෙනද වගේම මට ආදරෙන් කතාකලා.
" දෝණි මෙහෙ එන්න"
මාත් බයෙන් ගැහි ගැහී ගියා ගුටි කන්න වුණත් සූදානමෙන්.
"දෝණි මොනාද මේ අම්මා කියන්නේ?"
තාත්තා කතාව පටන් ගත්තා.මම සද්ද නැතුව හිටියා.මම දන්නවා මට කියන්න දෙයක් අම්මා ඉතුරු කරලා නෑ කියලා.තාත්තා මගේ ලඟට ආවා
"දොණි...අපි ඔයාට කවදාවත් ආදරේ අඩුවක් කරල නෑනේද?ඇයි මෙහෙම කලේ"
තාත්තා අහද්දි මට දෙන්න උත්තර නැතුව ගියා.ඒ දෙයියනේ,අපි කෙනෙක්ට ආදරේ කරන්නේ දෙමාපියන් ආදරේ කරන්නැති නිසාද?ඒකට උත්තරේ මමවත් දන්නෑ....ඉතින් තාත්තේ මම මොනා කියන්නද?මම සිතුවිලි වල අතරමන් වෙලා ඉද්දී තාත්තා ආයෙමත් කතා කරන්න ගත්තා
"ඔයා මටයි අම්මටයි ආදරේනම් මෙ සම්බන්දේ නවත්තන්න රත්තරනේ....අම්මටයි මටයි ලැජ්ජා කරන්න එපා"
ආදරේ කරනවා කියන්නේ දෙමාපියන්ට කරන ලැජ්ජාවක්ද?මට කිසි දෙයක් තේරුම් ගන්න බෑ.... මම එක දිගට අඬනවා කිසිම දෙයක් නොකියා.මගේ ආදර මල්ලියා කවදාවත් නැති තරම් ආදරෙන් මම අඬද්දී මගේ ඔලුව අත ගානවා.සහෝදර බැදීම ඒකයි...අනිත් කෙනාගේ දුකේදි හිත උණු වෙනවා...ඒක මම අද තේරුම් ගත්තා.
"දෝණි,ඔයා මේක නවත්තන්නේ නැත්නම් මටයි අම්මටයි සිද්ද වෙන්නේ මැරිලා යන්න,අපිට මිනිස්සුන්ගෙන් අපහාස විඳිනවට වඩා ඒක සැපයි."
තාත්තා එහෙම කියද්දී මගේ හිත සීතල වෙලා ගියා.දෙයියනේ මේක මේතරම් ලොකු වැ‍රැද්දක්ද?මම නිසා මගේ අහිංසක මල්ලී දුක් විඳින්න ඕනද?මම තාත්තා ගැන හොඳට දන්නවා.එයා දෙයක් කිවුවොත් ඒක කරනවමයි.මට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා.මගේ ආදරයද?උපන්දා ඉදලා දුක් විඳලා මාව හදපු අම්මයි තාත්තයිද?
"දෝණි,මගේ ඔලුවේ අත තියලා දිවුරන්න මගේ රත්තරන්, ඔය සම්බන්දේ නවත්තනවා කියලා"
තාත්තා මගේ අත අරන් තාත්තාගෙ ඔලුවේ තියාගෙන මං දිහා බලන් ඉන්නවා.අනේ මම දැන් මොනාද කියන්නේ?අම්මා තාත්තා ආච්චී මල්ලී මේ හැමෝම මංදිහා බලන් ඉන්නවා මරණ දඬුවම දෙන්න ගෙනියන හිරකාරයෙක් දිහා බලන් ඉන්නවා වගේ...මම දැන් උත්තරයක් දෙන්න ඕනා.ඒත්................
තාත්තාද?
මගේ ආදරයද?

8 comments:

  1. මේක ඇත්ත ප්‍රශ්නයක් නේද ?

    මේ ප්‍රශ්නෙට මට නම් එක පාරටම උත්තරයක් දෙන්න බැහැ. මේකත් එක්ක බැදිච්ච අනික් කරුණු කාරණා ගැන දන්නේ නැතිව. ඔයාගේ වයස, රැකියාවක් එහෙම කරනවද ? අම්මා තාත්තා කරන රැකියාව, ඔයාගේ පවුලේ පසුබිම, එයාගේ පවුලේ විස්තර මොකුත්ම දන්නේ නැතිව ඔයාගේ ගැටළුව උත්තරයක් දෙන්න අමාරුයි.

    ඒක නිසා මට අන්තිමට කියන්න තියෙන්නේ දෙපැත්තේම කරුණු ඒ ඒ අයගේ දෘෂ්ටි කෝණවලින් හිතලා බලන්න. ඒ අනුව වඩාත් සාධාරණ පැත්තට යොමු වෙන්න.

    අම්මා තාත්තා කැමති නැහැ දරුවෙක්ට නරකක් වෙනවට ඒ එයාලගේ ආදරේ හැටි...............

    ReplyDelete
  2. ඔයා හිතනවා නම් ඔයාගේ ආදරේ හරි, ගැටළුවක් නැහැයි කියලා දෙමාපියන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න බලන්න.

    ReplyDelete
  3. මට ඔයා කියන ඔය හැම දෙයක් ගැනම හිතලා උත්තරයක් දෙන්න වෙලාවක් නෑ.හැමෝම මන් දිහා බලන් ඉන්නේ මම උත්තරයක් දෙනකන්..කොහොමටත් ස්තූතියි අදහසක් ලබා දුන්නට.....

    ReplyDelete
  4. මෙහෙමයි කේෂ් දැන් ඔය ඔයාගෙ යාලුවට කියන්න ​ඒ කොල්ලව ගෙදර එක්කන් එන්න කියල ඊට පස්සෙ ගෙදර අයයි ඔයාලයි එකතුවෙලා ප්‍රශ්නෙ ගොඩින් විසදගන්න බලන්න කියන්න කොල්ලෙක් උනාම පුලුවන් වෙන්න ඔනි කෙලින් ඇවිත් කථා කරන්න ඒ නිසා එහෙම කථා කරල විසදගන්න කියන්න තාත්තටත් පැහැදිලි කරල දීල අහන්න හරි හේතුවක් මේ සම්බන්දෙට අකමැතිවෙන ඒ හොතුව නිවරුදි කරගන්න බලන්න කියන්න එහෙම කරන්න බැරිනන් තමා ඉතින් අවුල

    යාලුවට කියන්නකො කාලයට ඉඩ දීල පොඩ්ඩක් බලං ඉන්න කියල හොද උත්තරයක් කාලය යද්දි හම්බවෙයි

    ReplyDelete
  5. ඒක හරියන්නෑ පසන් අයියා.....එයාගේ තාත්තාට එවෙලෙම උත්තරයක් ඕනනේ.....

    ReplyDelete
  6. "අම්මේ, තාත්තේ, මේ මොහොතේ මගෙ හදවතට දැනෙන දේ, මගෙ පැත්තෙන් හිතල බලන්න ටිකක්, මොකද අම්මගෙයි, තාත්ත්ගෙයි ලේ, මස් මයි මේ තියෙන්නේ.මට මේ වෙලාවෙ කරන්න ඕන දේ තෙරෙන්නේ නෑ."
    කියල අම්මවයි, තාත්තවයි බදාගෙන හයියෙන් අඬන්න..... :o

    ReplyDelete
  7. ඔයාට එහෙම අවස්ථාවක් ආවනම් ඔහොම කියන්න මතක් වෙන එකක් නෑ.....ඒත් මම හිතනවා හොඳ පිළිතුරක් කියලා තාවකාලිකව
    බොහොම ස්තූතියි උපදෙසට :t

    ReplyDelete