සිතුවිල්ලක නවාතැන

Tuesday, June 29, 2010

ඇවිත් යන්න...


නිල් ඉඳුවර නෙත් පොකුණේ
නිල ඉහරෙන්නට කලියෙන්
වඩින්න සිනහවත් අරන්
හද අරණට ඇසිල්ලකින්

අහස් පියන් මැද හිනහෙන
සඳ සැඟවෙන්නට කලියෙන්
වඩින්න තරු එළියක් වී
සිත් අහසට ඇසිල්ලකින්

හද වදුලේ පිපුණු කුසුම්
එකිනෙක පරවෙන්න කලින්
වඩින්න හිරු එළියක් වී
හද වදුලට ඇසිල්ලකින්

වැසි නොවැ‍ටුණු සිත් බිම්කඩ
ගිනිගෙන අළු වෙන්න කලින්
ඇවිත් යන්න වැස්සක් වී
සිත් කතරට ඇසිල්ලකින්

5 comments:

  1. මගෙ සිනහව දෝත දරන්
    නුඹ සිත මගෙ ලෝකෙ කරන්
    නෙතේ නිල්ල යන්න කලින්
    මං එනවා ඇසිල්ලකින්

    සද නැති මහ රෑ අහසේ
    තරු කැට වී නුඹ තුරුලේ
    යළි හිරු පිබිදෙන්න කලින්
    මං එනවා ඇසිල්ලකින්

    හද වදුලේ පිපි කුසුමක
    සුවද හමා යන්න කලින්
    සුලං රොදක පාවීලා
    මං එනවා ඇසිල්ලකින්

    ලස්සනයි කේශානි පද ටික. .... :b

    ReplyDelete
  2. @පසන් අයියා
    ස්තූතියි...ඔයාගෙ කවියත් ලස්සනයි:b


    @Shadow/හේමලයා
    ස්තූතියි :c

    ReplyDelete
  3. හිරු අහසේ සැග උනාට
    සදනැග එයි අබරට....
    හිතට නුබෙ සැනසුම දෙන ..
    සදක් එවි නුබේ ලගට....

    ReplyDelete
  4. ස්තූතියි......
    ලස්සන කවි පෙලක් :b

    ReplyDelete