සිතුවිල්ලක නවාතැන

Saturday, July 10, 2010

නුඹ සැමදා මගෙ වේ නම්...


හිරු කුමරුන් නුඹ වේ නම්
නුඹ විහිදන කිරණ මමයි

මනරම් සඳ නුඹ වේ නම්
ලඟම ඉන්න තරුව මමයි

අරුණෝදය නුඹ වේ නම්
ආ වඩනා තුෂර මමයි

විසල් අහස නුඹ වේ නම්
නුඹ සනසන සුළඟ මමයි

පොළෝ තලය නුඹ වේ නම්
තනි රකිනා වැල්ල මමයි

වැහි තලාව නුඹ වේ නම්
නුඹ හෙළනා වැස්ස මමයි

නුඹ කවි පද වැල් වේ නම්
පද සරසන තනුව මමයි

නුඹ සැමදා මගෙ වේ නම්
නුඹට ලැබැඳි සොඳුරි මමයි

7 comments:

  1. සුන්දර පද වැලක්......:)

    ReplyDelete
  2. ආදරෙ කරද්දි දෙපැත්තක් තිබෙනවා, එක පැත්තකින් ලොකු කැපකිරිම් කරද්ද අනිත් පැත්ත නිහඬව ඉන්නවා නම්, ආදරෙ වෙනුවෙන් ජිවත් වෙලා වෙදනාවෙන් මිරිකෙන්න වෙන්නෙ... අත්දැකිමෙන් කියන්නෙ... මැදිහත්ව ජිවත්වෙන එක ගොඩාක් වටිනවා...

    ReplyDelete
  3. ආදරෙයි වේදනාවයි එකට බැදිලනේ තියෙන්නේ....ආදරේ කරන එකත් එක්තරා විදිහක වේදනාවක් තමයි
    බොහොම ස්තූතියි මේ පැත්තට ආවට :c

    ReplyDelete
  4. හරිම ලස්සනයි....

    ReplyDelete
  5. ඔබ ‍මාගේ බ්ලොග් එකේ දැමූ කමෙන්ට් එක සම්බන්ධව.... ඊ මේල් ලිපිනය සොයාගත නොහැකි වූ නිසා මෙසේ කිරීමට සිතුනි.

    ක්‍රියාත්මක වන ලින්ක් එක..

    http://www.ziddu.com/download/10675135/DancerPlus.rar.html

    ආ මේ පෝස්ට් එක ලස්සනයි... මමත් කාලයක් ලතැවුනා.. දැන්නම් නෑ. ;-)

    ReplyDelete
  6. @සුපුන්
    බොහොම ස්තූතියි



    @ගීත්
    බොහොම ස්තූතියි ලින්ක් එක දුන්නට....
    comment එකටත් ස්තූතියි

    ReplyDelete