සිතුවිල්ලක නවාතැන

Saturday, July 17, 2010

සිහිනයෙන් ඔබෙ රුව මවා ගමි...


සඳක් සේ නුඹ පායලා විත්
සිත් අහස් කුස රජ වෙලා

පාළු වී ගිය අඳුරු හිස්තැන්
සෙනෙහසින් නුඹ එළි කලා

වළාකුලකට සැඟවුණා නුඹ
නෙතු අගට කඳුලක් තියා

සදාකල් මම ආදරේ යැයි
කියූ ඔබ ඇයි ගොළු වෙලා

මගෙ පැතූම් පොදි සුණු විසුණු කර
ඔබ ගිහින් අද මා දමා

මලානික ‍රැ අඳුර අතරින්
පිණි වැටෙයි මුළු රෑ පුරා

සිහිනයෙන් ඔබෙ රුව මවා ගමි
හැබැහින් නො එනා නිසා

4 comments:

  1. තෙරපි තෙරපි
    ඉන්න එපා
    හදවත ඇතුලේ.......
    ඉපිලි ඉපිලි
    එන්න එපා
    සිතුවිලි සයුරේ.......
    සසැලි සසැලි
    ඉකිබිඳිනා
    කඳුලැලි හමුවේ....
    එන්න ඇවිත්
    අරන් යන්න
    මතකය නුඹගේ

    ReplyDelete
  2. "සදාකල් මම ආදරේ යැයි
    කියූ ඔබ ඇයි ගොළු වෙලා"


    ගොඩාක් වෙලාවට මෙහෙම වෙනවා....

    ReplyDelete
  3. සිහිනයෙන් ඔබෙ රුව මවා ගමි
    හැබැහින් නො එනා නිසා

    හිතට වදිනව බං මේ ටික..

    ReplyDelete
  4. @shadow
    ලස්සන කවි පෙළක්...:)



    @ ඉලන්දාරියා
    වැඩිපුරම වෙන්නේ මේක තමයි ඉතින් :D...බොහොම ස්තූතියි මෙ පැත්තට ආවට


    @සෝරෝ
    බොහොම ස්තූතියි...:)

    ReplyDelete