සිතුවිල්ලක නවාතැන

Friday, December 3, 2010

අපේ ආදරේ ඔයාට මදි උනාද???


**අම්මිගෙයි තාත්තිගෙයි මුළු ලෝකෙම වෙලා, හැමෝගෙම ආදරේ අරන් මේ ලෝකෙට ආපු දවසේ ඔයාට ආදරේ කරන අය මොනතරම් සතුටු වෙන්න ඇතිද?හුරතලේට කතා කරද්දි පුන්චි පුන්චි දඟ වැඩ කරද්දි ඔයාට තිබුන ආදරේ තවත් වැඩි වුණා පුන්චි පුතේ...කවදාවත් ඔයාව නොදැක්කත්, ඔයාගේ හුරතල් කටහඬට මම මොනතරම් ආදරේ කලාද?ඔයත් එක්ක කතා කරන හැම වෙලාවෙම ඔයා වැඩිපුරම කියන්නේ Good Night කියලා.ඒ කිවුවේ ඔයා ඉක්මනින්ම අපෙන් ඈත් වෙලා හැමදාටම නිදියන්න යනවා කියන එකද?අම්මිටයි තාත්තිටයි තුරුල් වෙලා නිදා ගත්ත ඔයා අද කොහොමද තනියම නිදියන්නේ පුන්චි බබෝ...හැමෝගෙම ආදරේ අරන් ආපු ඔයා අද හැමෝවම අඬවලා ඒ ආදරෙත් අරන් හොරෙන්ම ගියේ අපේ ආදරේ ඔයාට මදි උනාද පුන්චි පුතේ....හොරෙන් අරන් ගිය අපේ ආදරෙත් අරන් ඉක්මනින්ම ආයෙත් අපේම කෙනෙක් වෙලා එනකන් ඔයාට ආදරේ කරන හැමෝම මග බලගෙන ඉන්නවා පුතේ............**

4 comments:

  1. හ්ම්ම්ම්.......

    ReplyDelete
  2. නියම නෑ..දුක හිතෙනවා..මේක ඇත්ත කතාවක් :(

    ReplyDelete
  3. ඇත්තටම ඉතාම සංවේදී සටහනක්. ඔයාලා මග බලන් ඉන්න බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete