සිතුවිල්ලක නවාතැන

Wednesday, July 28, 2010

මා හට වරම් දෙන්න...


මා හඳ විල මැද
පිබිදෙන නෙළුමට
සුවඳ වී නුඹ
දැවටෙන්න මා ලඟම
සුදු නෙළුම් මලක් මෙන්
පිවිතුරු ඔය සිත ලඟ
නිරතුරුව දැවටෙන්න
මා හට වරම් දෙන්න

සිත හඬා වැටෙයි
ගත විඩා ගනියි
නො අසා ඔය හඬ
නොදැක ඔය නෙතු
හෙට අප හමු වන විට
ඔය නෙතු අග රඳවා
රහසින් පවසන
සෙනෙහස මට දෙන්න

3 comments:

  1. මුලු බ්ලොග් 1ම කියවල මෙතනට කමෙන්ට් එකක් දානවා ඕන්න.
    ඔයා මට බ්ලොග් ලින්ක් එක එව්වෙ
    " අනේ මගේ බ්ලොග් එකේ ගන්න දෙයක් නෑ" කියලා
    සමහ‍ර විට ඔයා කවුරු හ‍රි කිව්ව බොරුවකට රැවටිලා.
    ඇත්තටම ඔයා ලියන තියෙන දේවල් ගොඩක් ලස්සනයි නංගි. හැගීමක් ඇතුල කියවනන් පුලුවන් හැම කවියක්ම. දිගටම් ලියන්න. මට පේන්නෙ ලගකදි අලුතෙන් මොකුත් ලියලා නෑ වගේ. අත හ‍රින්න එපා. ආසාවෙන් කියවන අය ඉන්නවා......
    All the best.

    ReplyDelete
  2. www.cinelanka.net

    හැමෝගෙම ආදරය වෙනුවෙන්

    ReplyDelete